
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා වත්මන් රජයේ ප්රමුඛ අපේක්ෂාව වී ඇත්තේ, ජනතාව සතු පරම අයිතිය හෙවත් ජනතා පරමාධිපත්‍යය උදුරා ගැනීමේ බල ව්‍යාපෘතියක නියැලීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා.

ඒ අනුව, මහජනයා සතු පරම අයිතිය විධායකය වෙත ලබා ගැනීම ඔවුන්ගේ ප්රමුඛ අපේක්ෂාව බවට පත්ව ඇති බවයි අද (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
එමෙන්ම නාමල් රාජපක්ෂ ප්රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගෙන යන දේශපාලන වැඩපිළිවෙළ හමුවේ, ජනාධිපතිවරයාට ද ජනතාව අතරට යාමට සිදුවී ඇති බව ඔහු සඳහන් කළා.
ජනාධිපතිවරයා විසින් ‘පැලවත්තේ සඳළුතලයෙන්’ බැස, එළඹෙන සැප්තැම්බර් 05 වැනිදා සිට රට වටා යාමට සූදානම් වන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.




