
පවතින කාලගුණ තත්ත්වය කෘෂිකර්මාන්තය හා සියලු කර්මාන්ත ක්ෂේත්රයන්ට බලපාන හෙයින් එය ප්රමුඛව මෙරට ආර්ථිකයට බලපාන බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්රනාන්දු මහතා පවසයි.

පවතින එල්නිනෝ තත්ත්වය මෙරට ආර්ථිකයට කෙසේ බලපානවාද යන්න සම්බන්ධයෙන් අද (25) පැවති අද දෙරණ ‘BIG FOCUS’ වැඩසටහනට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
මෙහිදී විශේෂයෙන්ම නියං තත්ත්වයක් ඇති වුවහොත් ජල විදුලියට බලපානු ලබන අතර එනම් තාපය මුසු ආකාරයෙන් ඉන්ධන හරහා විදුලිය නිෂ්පාදනය සිදුවුවහොත් ගල්අඟුරු සහ ඩීසල් ආනායනය කිරීමට සිදුවන හෙයින් එය රුපියලටද සෘජුවම බලපාන බව ඔහු පැවසීය.
උතුරු නැගෙනහිර ශ්රම බලකායෙන් 25%ක් පමණ කෘෂිකර්මාන්තයට අදාළව සිටින අතර ඉන් ආර්ථීකයට සෘජුවම 8%ක් සම්බන්ධ වන හෙයින් ඒ හරහා කෘෂිකර්මාන්තට දැඩි බලපෑමක් එල්ලවන බවද පැවසීය.
මේ හේතුවෙන් ආහාර සුරක්ෂිතතාව යන කරුණ ගත්කළ ප්රමාණවත් තරම් සහල් අස්වැන්න නොලැබුණහොත් සහල් වැනි දෑ ආනයනය කිරීමට සිදුවන බවද ඔහු පැවසීය.
මේ අනුව පවතින කාලගුණික තත්ත්වයෙන් කෘෂිකර්මාන්තට බලපෑමක් එල්ල වුවහොත් ආර්ථික වර්ධනයටද මෙය බලපාන අතර ඒ අනුක්රමයෙන් මුළු ආර්ථික පද්ධතියටම මෙය බලපාන බව ඔහු වැඩිදුරටත් පැවසීය.




