
ශ්‍රී ලාංකිකයන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම විද්‍යාත්මක හා තර්කානුකූල පියවරක් බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
මීට වසර 40කට පෙර මෙරට පුද්ගලයෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වසර 60ක්ව පැවති නමුත්, වර්තමානය වන විට එය වසර 80 දක්වා ඉහළ ගොස් ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ජනගහනයේ ආයු කාලය වසර 20කින් පමණ ඉහළ ගොස් ඇති තත්ත්වයක් තුළ, සේවා කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම ඉතා සාධාරණ බව ඔහුගේ අදහසයි.
එමෙන්ම, මෙම තීරණය හුදෙක් දේශපාලන තීන්දුවක් නොව විද්‍යාත්මක පදනමක් සහිත කරුණක් බවත්, වසර දෙකක් නොව වසර පහක පමණ කාලයකින් සේවා කාලය දීර්ඝ කිරීම වුවද වරදක් නොවන බවත් වෛද්‍ය හංසක විජේමුනි මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.




