
සදුදා (24) දිනයෙන් ආරම්භ වූ ඉකුත් සතිය තුළ පමණක් අධිවේගී මාර්ගයේ ගමන් ගත් වාහනවලින් රුපියල් කෝටි 40කට අධික ආදායමක් ලැබී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
එමෙන්ම ඉකුත් 24 වෙනිදා සිට 30 වෙනිදා දක්වා අධිවේගී මාර්ග පද්ධතියට අයත් දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය, කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගයන්හි ගමන් ගත් වාහන ප්‍රමාණය 1,095,895ක් බව ද සඳහන්.
මේ අතර දින පහක නිවාඩු කාලය තුළ පමණක් අධිවේගී මාර්ගවලින් රුපියල් කෝටි 35කට අධික වාර්තාගත ආදායමක් උපයා ඇති බව ද මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටී.




