
කොළඹ රාජකීය විද්යාලය යනු ලංකාවේ අධ්යාපනයේ කිරුළයි. හැබැයි අද වන විට එම කිරුළ දැඩි ලෙස තුවාල වී ඇත්තේ, වර්තමාන විදුහල්පති අතුල විජේවර්ධන මහතාගේ පාලනය යටතේ සිදු වනවා යැයි පැවසෙන භයානක හා කනගාටුදායක සිදුවීම් පෙළක් නිසාය.
අධ්යාපන අමාත්ය සහ අගමැතිනී හරිනි අමරසූරිය මැතිනියට යොමු කර ඇති විශේෂ පැමිණිල්ලකින් මේ වන විට හෙළිදරව් වී ඇත්තේ, රාජකීය විද්යාලයේ දෙමළ මාධ්ය අංශය සූක්ෂ්ම ලෙස විනාශ කර දැමීමට උත්සාහ දරන අඳුරු සෙවනැල්ලක කතාවකි.

📌 සුදුසුකම් තිබුණත් සම්මුඛ පරීක්ෂණවලටවත් කැඳවීමක් නැහැ?
උසස් පෙළ දෙමළ මාධ්යයට සිසුන් ඇතුළත් කරගැනීම සාමාන්යයෙන් සාධාරණ තරගයකි. විද්යා හා ගණිත අංශවලට A සාමාර්ථ 5ක් ද, වාණිජ හා කලා අංශවලට A සාමාර්ථ 3ක් ද ප්රමාණවත් වේ. නමුත් මෙවර සිදුවී ඇත්තේ කුමක්ද?
- සුදුසුකම් සපුරපු සිසුන් පවා සම්මුඛ පරීක්ෂණවලට කැඳවා නැත.
- යම් හෙයකින් කැඳවූ ස්වල්ප දෙනෙකුට ද අසාධාරණ ලෙස බාධා කරමින් ඉවත් කර ඇත.
- දෙමළ මාධ්ය සිසුන්ගේ සම්මුඛ පරීක්ෂණය සඳහා දෙමළ මාධ්ය ගුරුවරුන් වෙනුවට, ප්රධාන වශයෙන් සිංහල මාධ්ය ගුරුවරුන් යොදවා කොන්දේසි කඩ කර තිබේ.
- සාමාන්යයෙන් සිසුන් 100-120ක් පමණ සිටි A/L දෙමළ මාධ්ය අංශයේ, අද වන විට ඉතිරිව ඇත්තේ සිසුන් 41කටත් වඩා අඩු පිරිසකි (ගණිත අංශයේ 17යි, විද්යා අංශයේ 12යි, වාණිජ/කලා අංශවලම 12යි!)
📌 පන්ති කාමරත් අතුරුදහන්? ඊළඟට උගන්වන්නේ සියඹලා ගහ යටද?
මෙම අසාධාරණය එතැනින් අවසන් වන්නේ නැත. දැනට ඉගෙනුම ලබන දෙමළ මාධ්ය සිසුන්ගේ පන්ති කාමර පවා ඉවත් කර ඇත. වාඩි වීමට තැනක් නැතුව, ඉගෙනුම් පරිසරයක් නැතුව මේ දරුවන් දැඩි අසරණභාවයට පත්ව සිටිති.
- සිසුන්ට පන්ති කාමර සූදානම් කර දීම විදුහල්පතිවරයාගේ වගකීමක් නොවේද?
- පාසලක් පවතින්නේ දරුවන්ට උගන්වන්නද, නැතහොත් විදුහල්පතිවරයාගේ පුද්ගලික න්යාය පත්ර ක්රියාත්මක කිරීමටද?
- පන්ති කාමර නොමැති නම් සිසුන් ඇතුළත් කරගත්තේ සියඹලා ගහ යට උගන්වන්නද?
📌 වසර එකහමාරකට කළ හානිය හොඳටම ඇති!
මෙතැන පවතින්නේ හුදෙක් අකාර්යක්ෂමතාවක්ද, නැතහොත් ජාතික පාසල්වලින් සුළුතර මාධ්ය අධ්යාපනය කපා හැරීමේ පටු කුමන්ත්රණයක්ද? සියලු ජාතීන්ට හා ආගම්වලට සාධාරණය ඉටු කරනවා යැයි පවසන රජයක් යටතේ මේ ආකාරයේ දේවල් සිදුවන්නේ කෙසේද?
“වසර එකහමාරට කරපු හානිය හොඳටම ඇති! අතුල විජේවර්ධනට වීරකැටියටම යන්න කියමු!” යන හඬ අද දෙමාපියන් අතරින් දැඩිව මතුවෙමින් තිබේ.
මෙයට වහාම මැදිහත් වී විධිමත් පරීක්ෂණයක් පවත්වා, අපේ දරුවන්ට අහිමි කළ පන්ති කාමර සහ සාධාරණ අධ්යාපන අයිතිය නැවත ලබා දෙන ලෙස පීඩාවට පත් දෙමාපියන් රජයෙන් තරයේ ඉල්ලා සිටී.
Source: Real Royal College Blog




