
යළි ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ‘ට්‍රාන්සිට් වීසා බලපත්‍ර’ ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් නවසීලන්තය ආසන්න කුක් දූපතේ සිරවී සිටින බව වාර්තා වෙයි.
පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ පදිංචිව සිටි රුචිරා රණසිංහ නම් අදාළ කාන්තාව වසර 3ක පමණ කාලයක සිට ‘ට්‍රාන්සිට් වීසා බලපත්‍ර’ ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙලෙස කුක් දූපතේ රැදී සිටින බව සඳහන් වෙයි.
කුමන කොන්දේසියක් යටතේ හෝ යළි ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කර තිබුණි.

මීට වසර 9කට පමණ පෙර විදෙස් ගතවී තිබූ අදාළ කාන්තාව වසර කිහිපයක් හොංකොංහි සේවය කර තිබූ අතර මීට වසර 3කට පෙර හොංකොංහි සිට නවසීලන්තය වෙත මාස 3ක සංචාරක වීසා බලපත්‍ර යටතේ ගොස් තිබුණේ සරණාගත වීසා බලපත්‍රයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බව සඳහන් වෙයි.
එහිදී නවසීලන්තයේ ස්ථිර පදිංචිවීමේ බලාපොරොත්තුවෙන් ඇය සංක්‍රමණික උපදේශක ආයතනයක සහය ලබාගෙන තිබේ.
එහිදී ඇයට තාවකාලිකව නවසීලන්තයෙන් පිටව ගොස් කුක් දූපතේ සිට යළිත් වීසා බලපත්‍ර සඳහා ඉල්ලුම් කරන ලෙස අදාළ සමාගම උපදෙස් ලබා දී තිබුණි.
අනතුරුව එහි සිට නවසීලන්ත වීසා බලපත්‍ර ඉල්ලුම් කළ ද අවස්ථා ගණනාවකදී වීසා ප්‍රතික්ෂේප වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
ඇය ලබාගෙන තිබූ නවසීලන්ත සංචාරක වීසා බලපත්‍ර කොන්දේසිවලට අනුව එරටින් පිටවූ පසු යළි නවසීලන්තයට පැමිණීමට අවසර හිමි නොවන අතර සරණාගතභාවය සඳහා ලබාදෙන වීසා බලපත්‍ර කොන්දේසි ද ඇය කඩකිරීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බව සඳහන් වෙයි.
ඒ අනුව ඇයට යළි ශ්‍රී ලංකාව වෙත ලගා වීම සඳහා ‘ට්‍රාන්සිට් වීසා බලපත්‍ර’ නිකුත් කිරීම ද නවසීලන්තය ප්‍රතික්ෂේප කර ඇති අතර මීට අමතරව ඕස්ට්‍රේලියාව ද ඇයට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් දක්වා තිබුණි.




