
රාජ්‍ය සේවකයන්ගේ දීමනා සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට සිදුවන්නේ 2028 අයවැයෙන් බව අමාත්‍ය සුසිල් රණසිංහ පවසයි.
අත්හැරුණු දීමනා, වැඩි කළ යුතු දීමනා මෙන්ම අසාධාරණ ලෙස කප්පාදු කළ දීමනා සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලට ගැටලු පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

2027 අයවැයෙන් දීමනා වැඩි කිරීමට මූල්‍ය අවකාශයක් නැහැ
දීමනා සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් ඉල්ලීම් පවතින බව පිළිගත් අමාත්‍යවරයා, එම කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට රජයට අවශ්‍යතාවක් පවතින බවද පැවසීය.
කෙසේ වෙතත්, 2027 අයවැයෙන් මූලික වැටුප් වැඩි කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය අවකාශය වෙන්කර ඇති බැවින් දීමනා වැඩි කිරීම සඳහා තවදුරටත් මුදල් වෙන්කිරීමට ඉඩක් නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව දීමනා සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට සිදුවන්නේ 2028 අයවැය යටතේ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සුසිල් රණසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.




