
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඝාතනය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බව විශ්‍රාමික පොලිස් නිලධාරික වුණ ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදාගැනීමේ ජාත්‍යන්තර සංවිධානයේ අජිත් ධර්මපාල මහතා පෙන්වා දෙයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
චමුදිත සමරවික්‍රම මහතා සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු පෙන්වා දෙන්නේ මෙම සැලසුම ක්‍රියාත්මක වෙමින් ඇත්තේ ජනාධිපති ආරක්ෂක ඒකකය හෝ ආරක්ෂක අංශයක වෙස්ගැන්වූ ඝාතකයකු හරහා සිදු කිරීමට බවයි.
කෙසේ වෙතත් මේ වන විට ඒ හේතුවෙන් අදාළ ආරක්ෂක ක්‍රියාමාර්ග දැඩිකර ඇති බවත් ඔහු සඳහන් කළේය.
තොරතුරු ලැබී ඇත්තේ ඉතාම විශ්වාසනීය මූලාශ්‍ර මත නිසා එය නොතකා හැරිය නොහැකි එකක් බවද හෙතෙම එහිදී පැවසුවේය.




