
විවිධ ලිංගික නැමියාවන් ඇති ජනතාව සිටින බැවින් ඔවුන් කිසිවිටෙක අසාධාරණයට ලක් නොවිය බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු පනතක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කර නැති බවත් ප්‍රවාහන ඇමැති බිමල් රත්නායක මහතා පවසයි.
වර්තමානයේ ඇත්තේ ජාතිවාදයෙන් තොර දේශපාලන සදාචාරය හා සාරධර්ම ඇති ආණ්ඩුවක් බවත් බුදු දහම සහ සියලු ආගම්වලට එකඟ සාරධර්ම ඇති කිරීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති රැස්වීමකින් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසුවේය.
හිංසා පීඩනයකින් තොරව දරුවන්ට උපදෙස් ලබා දීමට කටයුතු කරනවා මිසක මනුෂ්‍ය අයිතිවාසිකම් අයිතීන් සුරකීමට කටයුතු කරන අතර විවිධ පනත් ගෙන එන බවට පවසමින් විවේචන සිදු කරනු ලබන්නේ මෙරට මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමට කටයුතු කළ පුද්ගලයන් බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.



