
කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත්තේ, ආණ්ඩුවේ “පොහොසත් රටක්” ගොඩනැගීමේ ප්‍රතිපත්තිය නිවැරදිව ක්‍රියාත්මක වී ඇත්නම්, රටේ ජනගහණයේ සියයට 25ක් දුප්පත් තත්ත්වයට පත්වීම කිසි විදිහකින් සිදු නොවනු ඇතැයිය.
ඇතැම් ප්‍රතිපත්ති තවමත් ඉටු කර නොමැති බව පිළිබඳ කල් තැබීමේ විවාදයට එක්වෙමින්, අබේගුණවර්ධන මහතා මෙම අදහස පල කළේය.

අදහස් පළ කරමින් ඔහු තවදුරටත් සඳහන් කළේ මෙසේය:
“වත්මන් ආණ්ඩුව පොහොසත් රටක ලස්සන ජීවිතයක් ගත කිරීමට පොරොන්දු වූවා. අප සියලු දෙනාම එම අරමුණට එකඟ වූවා. එවකට ආණ්ඩුව අසමත් වූ නිසා නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කළා. පසුව පාර්ලිමේන්තුවට මන්ත්‍රී 159ක් පත් කළා. ඊට අමතරව පළාත් පාලන ආයතන බහුතරයක බලයත් ලබා දුන්නා.
මෙම බලය ලබාදුන් ආකාරය රටක් පොහොසත් කිරීමටය. අද ආණ්ඩුව කියන පරිදි අමාත්‍යාංශවල වැඩ සිදු වෙමින් තිබෙනවා. නමුත් ගම්මාන වෙත යාමට, ජනතාවගේ යථාර්ථය දැන ගැනීමට වෙලාවක් නැහැ. දැන් අපි විපක්ෂයේ ඉන්න නිසා ගම්වලට යනවා, ජනතාවට මුණ ගැසෙනවා, ඔවුන්ගෙන් තොරතුරු ද ලබනවා.
එවිට පැහැදිලිවම පෙනෙන්නේ – මේ “පොහොසත් රට” යන අදහස ඉටු වී නැති බවයි. ලෝක බැංකුවේ ඊයේ ප්‍රකාශයක අනුව, ශ්‍රී ලංකාවේ ජනගහණයේ හතරෙන් එක් අයෙකු දුප්පත් තත්ත්වයේ සිටින බව සදහන්. පොහොසත් රටක සියයට 25ක් දුප්පතුන් වෙන්න විදියක් නැහැ.”




