
ජාතික ජන බලවේගය යනු කුමක්දැයි විපක්ෂ මන්ත්රීවරුන් කිසිවෙකු මෙතෙක් හරියට හඳුනාගෙන නැතැයි එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී රුවන් මාපලගම මහතා සඳහන් කරයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
අනුර කුමාර දිසානායකලා සිටින්නේ එක්කෙනෙක් යැයි විපක්ෂයේ සිතා සිටියද ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවේ අනුර කුමාර දිසානායකලා 159ක් සිටින බවද ඔහු පැවසීය.
පළාත් පාලන ආයතන වල අනුර කුමාර දිසානායකලා හාරදහසක් සිටින බවත් මතුපිට නොපෙනෙන මහපොළොවේ වැඩ කරන අනුරු කුමාර දිසානායක ලක්ෂ ගණනක් සිටිනා බවත් හෙතෙම තවදුරටත් සඳහන් කළේය.
දෙරණ නාලිකාවේ පැවැති වැඩසටහන එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.



