
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වාර්ෂික සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ දී නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (22) නිවේදනය කළේය.
2026 පෙබරවාරි-මාර්තු මාසයන්හිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය යටතේ කණ්ඩායම් 20ක සහභාගිත්වයෙන් පැවැත්වෙන ICC පිරිමි විස්සයි20 ලෝක කුසලානයට සූදානම්වීම සඳහා මෙම තීරණය ගත් බව එම නිවේදනයේ දැක්වේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මාර්ගෝපදේශයන්ට අනුව ලෝක කුසලානයට සත්කාරකත්වය දරන සියලු ක්‍රීඩාංගණ නිසි කාලසීමාව වනවිට යෝග්‍ය තත්ත්වයෙන් තිබිය යුතුය.
ඒ අනුව ලෝක කුසලානයට පෙර ක්‍රීඩාංගණයන්හි සූදානම සහතික කිරීම කෙරෙහි පූර්ණ අවධානය යොමුකරමින් LPL තරගාවලිය සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන ඇත.




