
ඇතිව තිබෙන ජලගැලීම් උවදුරු ස්වභාවික විපත් නොව මිනිසා විසින් නිර්මාණය කර ගන්නා ලද විපත් බව නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා සඳහන් කරයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
පසුගිය පාලන සමයන්හි දේශපාලන හිතවත් කම් මත අනවසර ඉදිකිරීම් සිදුකිරීම මෙම ජල ගැනීම් වැනි උවදුරු වලට හේතු වී ඇති බවද හෙතෙම චෝදනා කළේය.
මෙම ව්‍යසනය ලංකාවට කැඳවාගෙන ඇත්තේ ඒ ආකාරයෙන් බවත් පැවසූ ඔහු කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දැන් පිළිතුරක් සෙවිය යුතු බවත් ඉදිරියේදී කිසිම අවස්ථාවක අනවසර ඉදිකිරීම් සදහා අවසර නොදෙන බවත් කියා සිටී.
ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා දිස්ත්‍රික් සම්බන්ධය කරන කමිටු සභාපතිවරුන් කොළඹට කැඳවා ජනාධිපතිවරයා විශේෂ සාකච්ඡාවක් සිදු කරන ලද හෙතෙම පැවසීය.




