
පසුගිය වසර 25 ක කාලයේදී විවිධ තරාතිරම්වල දේශපාලඥයන් විසිදෙනෙකු ඝාතනයට ලක්ව ඇතැයි පොලිස් වාර්තා සඳහන් කරයි.
මේ පිරිසට පළාත් පාලන ආයතන සභාපතිවරු තිදෙනෙක්ද ඇතුළත් වෙති.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මෙයට අමතරව පළාත් පාලන ආයතනවල මන්ත්රීවරුන් රැසක්ද මෙම කාල සීමාවේදී වෙඩි ප්රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇත.
පාතාල කල්ලි අතර පවතින ගැටුම් මෙම ඝාතන බොහොමයකට හේතුව බව විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.




