
දිවයිනට බලපෑ ආපදා තත්ත්වය සහ එහි හානිය සම්බන්ධව කැබිනට් මණ්ඩලය ඊයේ (3දා) සවස පූර්ණ සමාලෝචනයකට ලක්කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති මෙම හදිසි සහ විශේෂ කැබිනට් මණ්ඩල හමුවේදී ආපදා තත්ත්වය සම්බන්ධයෙන් මෙලෙස සමාලෝචනයට ලක්කර තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඒ අනුව ආපදාවෙන් සිදු වූ හානි නැවත පූර්ණය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සහ ඒ සඳහා ආයතනික ව්‍යුහය සකස් කිරීම මෙන්ම ඒ සඳහා වෙන්කළ යුතු මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් තීරණ ගෙන තිබේ.
විශේෂයෙන්ම මුදල් ප්‍රතිපාදන වෙන්කර ගන්නා ආකාරය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තීන්දු තීරණ ගත් බව එම කැබිනට් හමුව සම්බන්ධයෙන් ‘දිවයින’ පුවත්පත කළ විමසීමකදී රාජ්‍ය පරිපාලන ඇමැති මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.




