
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විපක්ෂය විසින් සමාජයේ භීතිකාවක් නිර්මාණය කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
“නිකමට හරි, අපි ඇත්තටම කියන්න ඕන සජිත් ප්‍රේමදාසත් එක්ක වාහනේ යන ආරක්ෂකයන්ට ඔය අව්වයි වැස්සයි දෙකම තියෙන වෙලාවක දේදුන්නක් එහෙම දැක්කොත් සජිත්ට පෙන්නන්න එපා.
දැක්ක ගමන් සමලිංගික නැමියාවක් එන්න පුළුවන් පොරට. ඇත්තනේ. දැන් මේ පොතේ පිටකවරේ බලලා එහෙම එකක් එනවා නම්, දේදුන්නක් දැක්කාම එහෙම වෙනවා නම් අපෙ හාමුදුරුවනේ,
අපේ මේ අධ්‍යාපනයට තමන්ගේ දරුවා පිළිබඳව ඉතාම ආදරයෙන්, දරුවෝ හදන, වඩන, ඉස්කෝලේ යවන දෙමාපියන් බය කරන්න කියපු දේවල්.”
බණ්ඩාරගම පැවති සම්මන්ත්‍රණයකදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.




