
මන්නාරම මහේස්ත්රාත්වරයාට අපහාස කරමින් TikTok වීඩියෝවක් ප්‍රකාශයට පත් කළේ යැයි කියමින් 25 හැවිරිදි තරුණයෙකු මඩු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම තරුණයා මඩු පොලිස් වසමේ මුල්ලිකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, මීට පෙරද විවිධ අපරාධවලට සම්බන්ධවී අත්අඩංගුවට පත්ව තිබුණි.
ඔහු පසුගිය 7 වනදා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේ පහරදීමක් හා පිහියකින් තුවාල සිදුකිරීමක් සම්බන්ධ නඩුවකටය. එහිදී නඩුව ලබන 15 වනදා දක්වා කල් දමා තිබුණි.
ඒ අනුව, නඩුවෙන් අනතුරුව සැකකරු මහේස්ත්රාත්වරයාට අපහාස වන ආකාරයේ වීඩියෝවක් සකසා සමාජ මාධ්‍යයට මුදා හැර ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.
පොලිස් පරීක්ෂණ වලින් තවදුරටත් හෙළිව ඇත්තේ මෙම තරුණයා 2022දී සොරකමකටත්, 2023දී පහරදී සොරකම් කිරීමකටත් සම්බන්ධවී අත්අඩංගුවට පත්ව ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් මඩු පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.




