
රජයට මතවිමසුමකින් ඉහළ ප්‍රතිශතයක් ලැබුණ නිසා උද්දාමයට පත්ව ඇති බවත් රජය මේ තරම් ජනප්‍රිය යැයි හිතනවා නම් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස යෝජනා කරන බවත් කමිටු, තේරීම් කාරකසභා ආදී උප්පරවැට්ටි යොදා මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න යැයි කියමින් විවිධ උපක්‍රම උපයෝගී කර ගෙන පළාත් සභා මැතිවරණය කල් දමන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් රජයට 65%ක ජනතා කැමැත්තක් තිබේ නම් සමූපකාර ඡන්ද ගණන් ගන්නේ නැතිනම් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට රජයට කියන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ අතර තමා විශ්වාස කරන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් තිබිය යුතු බවත් ඒ පදනමේ ඉදිරියටත් සිටින බවත් ඒ ගැන සෘජුවම ප්‍රකාශ කරන බවත් ලෝකයේ ප්රජාතන්ත්රවාදී රටවල ඒ විශ්‍රාම වැටුප මහජන නියෝජිතයන්ට ලබා දෙන්නේ අල්ලස හා දූෂණය අවම කර තුරන් කිරීමට බවත් යම්කිසි තමන්ගේ කාලයෙන් පසුව යම්කිසි සමාජ ආරක්ෂණයක් ලබා දීමට බැවින් ඒ ස්ථාවරයේ සමගි ජන බලවේගය සිටින බවත් විපක්ෂ නායකවරයා කීය.
පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ගැන කැක්කුමක් තිබෙන රජය 750000ක් ආදී විශ්‍රාමිකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් රජය දරන ස්ථාවරය පැහැදිලි නැති බවත් බී. සී. පෙරේරා කමිටුවේ රාජ්‍ය සේවකයන්ට 60%ක වැටුප් වැඩිවීමක් ශ්‍රී ලංකා ගුරු විදුහල්පති උපදේශක සේවාවන්ට ලබා නොදීම තුළ විශාල විෂමතාවක් නිර්මාණය වී ඇති බවත් සුබෝධනී කමිටුව 20%කින් වැඩි කිරීමත් එහි බලපෑම 2022 ජනවාරි මස 1 වැනිදා සිට සක්‍රීය සේවයේ නිරත අයට පමණක් සීමා කිරීම තුළ විශ්‍රාම ගිය අයට කිසිදු සහනයක් නොමැති බවත් ජනාධිපතිවරයා විශ්‍රාමික ජාතික සමුළුවේදී මොවුන් ආමන්ත්‍රණය කර විසදනවා කිව්වත් ඒ කිසිවක් විසදා නැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
2025-2027 වැටුප් වැඩිවීමක් කළත් 2020-2024 කාලයේ විශ්‍රාම ගිය 154000කට කිසිදු සහනයක් නොමැති බවත් 2025 අප්‍රේල් 1 වැනිදා පෙර විශ්‍රාම ගිය එනම් ජනවාරි සිට මාර්තු විශ්‍රාම ගිය අයට මේ සහන ලැබුණත් 2020-2024 කාලයේ විශ්‍රාම ගිය අයට ගැලපීමක් නොකළ නිසා මොවුන් අනාථ වී ඇති බවත් 10000 වැටුප් වැඩි කිරීම විශ්‍රාම වැටුපට ගැලපීමේ ක්‍රියාවලිය ගෝඨාභය රජය අවලංගු කළ පසු මේ අසාධාරණය නිවැරදි කිරීම වසර 3ක් පුරාවට ක්‍රියාත්මක කිරීම නිසා විශාල විශ්‍රාමිකයින් පිරිසක් දැඩි පීඩනයට ලක්ව ඇති බවත් විපක්ෂ නායකවරයා කීය.
මේ අතර 76 වසරක තුළ කිසිදු දෙයක් නොවුණු ආකාරයට රජය දැන් කතා කළත් 30 වසරක මහවැලිය වසර 5කින් අවසන් කිරීමත් නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ක්‍රියාත්ක කිරීම ජාතික සුබසාධන රාජ්‍ය ඇති කර ළමා මරණ මාතෘ මරණ අඩු කර ආයු කාලය වැඩි කර ඇති බවත් නිදහසින් පසු මේ කාලයේ රටට සුවිශාල සේවාවක් සිදුවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
තෙතමනය සහ සංවේදී ආණ්ඩුවක් තිබේ නම් ඇයි වැඩිහිටි ප්‍රජාවට ලක්ෂ 15 ඉතිරිකිරීම්වලට දුන් 15% අහිමි කළේ ඇයිද කියා ප්‍රශ්න කරන බවත් මේ ලක්ෂ 15 සීමාවට 15%ක දුන් පොළිය අදටත් නැති බවත් අදටත් විදුලි බිල අඩු කර නොමැති බවත් 33%කින් විදුලි බිල අඩු කරනවා යැයි කිව්වත් අදටත් එය සිදු නොවූ බවත් දැන් දෙවැනි කාර්තුවට 13.56%කින් විදුලි බිල වැඩි කරන්න රජය යෝජනා කර ඇති බවත් ඊට අමතරව ගාල්ල බූස්ස කදවුරේ සිටින ආබාධිත රණවිරුවන් අද පනාගොඩට යවන්න හදන බවත් සංවේදී ආණ්ඩුව කරන්නේ මේවා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.
මහමැතිවරණයෙන් පසු රජයට පළාත් පාලන මැතිවරණයෙන් ලක්ෂ 23ක ඡන්ද අහිමි වූ බවත් මේ අවස්ථාවේ ඇති හොදම දේ පුලුවන් නම් පළාත් සභා ඡන්දය තියන ලෙසට රජයට කියන බවත් කමිටු දමා පළාත් සභා මැතිවරණය කල් නොදමා එය පවත්වන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.




