
පවතින ඉන්ධන තොග නිසි ලෙස කළමනාකරණය කිරීමේ අරමුණින් ඉන්ධන මිල ඉහළ දැමීමට රජයට සිදුවූ බව රජයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යන පසුබිමක, මෙරට මිල ගණන් ද ඒ හා සමානව ඉහළ දැමීමට වඩා වඩාත් ප්‍රායෝගික වන්නේ ඉන්ධන පරිභෝජනය සීමා කිරීම බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා ඉන්ධන භාවිතය අවම කිරීමට ජනතාව සතු සමාජීය වගකීම පිළිබඳව ද ඔහු සිහිපත් කළේය.
පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කර ගනිමින් මෙම කාලසීමාව සාර්ථකව පසුකිරීම සඳහා ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බවත්, පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීමට රජය උපරිම උත්සාහයක නිරත වන බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
නවතම මිල වැඩි කිරීම සමග ඩීසල් ලීටරයකට රුපියල් 100ක් සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක සහය දැක්වීමක් රජය විසින් දරන බවත් මාසයක කාලයක් සඳහා රජය දරන මුළු වියදම රු. මිලියන 20,000ක් බවත් අමාත්‍යවරයා පැවසීය.




