
මාසයකට ආසන්න කාලයක් තිස්සේ පවතින යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් තමන් ඉරානය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් අවධාරණය කර සිටී.
කෙසේ වෙතත්, එවැනි කිසිදු සාකච්ඡාවක් සිදුවන බව ඉරාන රජය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති පසුබිමක ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදු කිරීම විශේෂත්වයකි.

රිපබ්ලිකන් පක්ෂයේ අරමුදල් රැස්කිරීමේ උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා වඩාත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය.
එහිදී ඔහු කියා සිටියේ ඉරානයේ මීළඟ ‘උත්තරීතර නායකයා’ (Supreme Leader) ලෙස කටයුතු කරන ලෙස එරට නායකත්වය විසින් තමන්ට නිල නොවන මට්ටමින් ආරාධනා කළ බවයි.
එම අසාමාන්‍ය යෝජනාව තමන් වෙත ඉදිරිපත් වුවද, තමන් එය ප්‍රතික්ෂේප කළ බව ජනාධිපති ට්‍රම්ප් එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. දෙරට අතර පවතින යුදමය වාතාවරණය සමථයකට පත් කරගැනීම සඳහා වන සාකච්ඡා සම්බන්ධයෙන් වොෂින්ටනය සහ ටෙහෙරානය අතර මෙලෙස පරස්පර විරෝධී අදහස් පළ වෙමින් පවතී.




