
රජය විසින් ගෙවීමට ඇති සමස්ත ණය ප්රමාණය ඉකුත් වර්ෂය (2025) අවසානය වනවිට රුපියල් බිලියන විසිනමදහස් නමසිය අනුහතරයි දශම හතක් (29,994.7) දක්වා වැඩි වී ඇති බැව් ශ්රි ලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ගෙවිමට ඇති දේශිය ණය ප්රමාණය රුපියල් බිලියන දහඅටදහස් හයසියහැත්තැපහයි දශම තුනක් (18,675.3) වන අතර ගෙවිමට ඇති විදේශියණය ප්රමාණය රුපියල් බිලියන එකොළොස්දහස් තුන්සියදහනමයයි දශම හතරක් (11,319.4)ක් බවද මහ බැංකු වාර්තාවේ සදහන් වේ.
2024 වර්ෂය අවසානය වනවිට ගෙවිමට ඇති සමස්ත ණය ප්රමාණය රුපියල් බිලියන 28,738.70ක් වු අතර එම ණය ප්රමාණය 2025 වර්ෂය අවසානය වනවිට රුපියල් බිලියන 1255.99කින් වැඩි වි ඇත.




