
ඉන්ධන මිල සම්බන්ධයෙන් මාසිකව සිදු කරන මිල සංශෝධනය අනුව අප්‍රේල් මස සඳහා ඉන්ධන මිල ගණන් ගැන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්දීමක් කර ඇත.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඒ අනුව මාසිකව සිදු කරන මිල සංශෝධනයට අදාළව මාර්තු මස අගදී කිසිදු මිල සංශෝධනයක් සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා සඳහන් කරයි.
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පදනම් කරගනිමින් මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණය රජය විසින් ගනු ඇති බවද සභාපති ඩී.ජේ. රාජකරුණා සඳහන් කරයි.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මේ බව සඳහන් කරයි.




