
ඉරානය සමග පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා සාර්ථක කර ගැනීම සඳහා ලෙබනනයට එල්ල කරන ප්‍රහාර සීමා කරන ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගෙන් ඉල්ලීමක් කර ඇත.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
සිදු කළ දුරකතන සංවාදයකදී ජනාධිපති ට්‍රම්ප් මෙම ඉල්ලීම කළ බව විදෙස් මාධ්‍ය පවසයි. නෙදන්යාහුගෙන් ඊට යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි ද දැනගන්න ලැබේ.
කෙසේ නමුත් මෙම දුරකතන සංවාදයට පෙර අග්‍රාමාත්‍ය නෙතන්යාහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණේ ලෙබනනයට එරෙහි ප්‍රහාර අඛණ්ඩව සහ දැඩි ලෙස සිදු කරන බවය.




