
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක වශයෙන් නම්කර ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි නීතීඥවරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ නීතිඥ තමරා කුමාරි අබේරත්න නම් වූ නමැත්තියක් වන අතර සැකකාරිය ලබන මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්රත් අධිකරණය අද (27) නියම කළේය.
අදාළ රැඳවුම් නියෝග අවසන් වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාරිය අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.




