
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා පැවති මැයි දින රැලියක සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

එමගින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කර ඇත්තේ එළැඹෙන මැයි 25 වැනිදා ලබා දීමට ඇති අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් මැයි දින රැලියේදි සිදුකළ ප්‍රකාශය සම්බන්ධව තමන් දැඩි කනස්සල්ල පළකරන බවය.
එම තීන්දුව ලබාදුන්විට ඒ පිළිබඳව උදම් ඇනීමට ජනතාවට හැකිවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීම අධිකරණ ක්‍රියාවලියට මැදිහත්වීමක් ලෙස මතයක් ගොඩනගන බවත් එවැනි ප්‍රකාශ මගින් අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය පළුදුවීමට හේතුවිය හැකි බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.
අධිකරණයේ ස්වාධීනත්වය සහ සම්පූර්ණතාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය කැපවී සිටින බවත් එය ආරක්ෂාකිරීමට හා සුරක්ෂිත කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවත් නීතිඥ සංගමය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
එම නිවේදනය පහතින්,




