
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (06) දෙවන දිනටත් පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය නිමා කිරීම සඳහා සාම ගිවිසුමකට එළඹීමට හැකි වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයත් සමඟ ලෙසෙ බොරතෙල් මිල පහළ වැටී ඇත.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මැදපෙරදිග කලාපයෙන් යළිත් බාධාවකින් තොරව තෙල් සැපයුම ආරම්භ වනු ඇතැයි පවතින බලාපොරොත්තු මීට ප්‍රධාන හේතුව වී ඇත.
ඒ අනුව, බ්‍රෙන්ට් වාර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 1.52 කින් (1.38% කින්) පහත වැටී ඩොලර් 108.35 ක් ලෙස සටහන් විය.
අමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) මිල බැරලයකට ඩොලර් 1.50 කින් (1.47% කින්) පහත වැටී ඇති අතර එහි නව මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 100.77කි.
මීට අමතරව මර්බන් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 105.97ක් ලෙසත් වාර්තා වී තිබේ.




