
ඩෙංගු ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ රෝහල්වල ඩෙංගු රෝගීන්ගේ ධාරිතාව ඉක්මවායමින් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.
වසරේ මේ දක්වා වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ වන විට 35,000 ඉක්මවා ඇති අතර වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 19කි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මේ අවදානම හේතුවෙන් එළඹෙන ජුනි 08,09,10 යන තෙදින මදුරු මර්දන විශේෂ වැඩසටහනක් රටපුරා ක්‍රියාත්මක කෙරෙන බවද සඳහන්.
වාර්තාවන ඩෙංගු රෝගීන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් එනම් 50%ක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි.
සෑම දිස්ත්‍රික්කයකින්ම මේ වන විට රෝගීන් වාර්තාවන අතර කොළඹ, ගම්පහ රත්නපුර මාතර ගාල්ල කළුතර මහනුවර යන දිස්ත්‍රික්කවලින් පිළිවෙළින් වැඩිම රෝගීන් වාර්තා වී තිබේ.




