
වසර කිහිපයකට පෙර සිදු වූ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන, වර්තමානය වන විට ඉතා කඩිනම් වී ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික පවසනවා.

ඒ අනුව, රජයක් ලෙස දේශපාලන බලපෑම්වලින් තොරව විමර්ශන නිලධාරීන්ට සාධාරණව පරීක්ෂණ කිරීමට ඉඩ සලසා දීමේ ප්‍රතිඵල මේ වන විට පෙනෙන්නට ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙසට, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයෙන් ඉල්ලා සිටීම තුළින් සමාජය සහ සාමාන්‍ය ජනතාව තුළ බරපතළ සැකයක් ජනිත වන බව ද ඔහු සඳහන් කළා.
මේ සඳහා කිසිදු සම්බන්ධයක් නොමැති අයකු විසින් එවැනි ඉල්ලීමක් සිදු නොකරන බවත්, ‘හොරාට කලින් කෙහෙල්කැන වැට පැනීම’ වැනි ගැමි කියමන්වලට මෙය කදිම උදාහරණයක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.




