
ලංකා ඉතිහාසයේ මෙතරම් ජනතාව රැවටීමට ලක් කළ ජනාධිපතිවරයෙක් හා ආණ්ඩුවක් බිහි වී නොමැති බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු පවසනවා.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ලංකා ඉතිහාසයේ සිටි සියලුම දේශපාලන නායකයන්ට වඩා, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ ආර්ථිකයේ විශාල පිම්මක් ඉදිරියට යනු ඇති බවට ජනතාව බලාපොරොත්තු වූ බවයි ජන හමුවක් අමතමින් හිටපු මන්ත්රීවරයා ප්රකාශ කළේ.
අද වන විට ජනතාව ඉතාමත් අමාරු තත්ත්වයකට පත්ව ඇති බවත්, ආණ්ඩුව ලබා දුන් සියලුම පොරොන්දු වචනවලට පමණක් සීමා වී ඇති බවත් ඔහු සඳහන් කළා.
එමෙන්ම බොරු ප්රකාශ කර ආණ්ඩුව ලබාගත්ත ද, බොරුවෙන් රට පාලනය කළ නොහැකි බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු වැඩිදුරටත් ප්රකාශ කර සිටියේ.




