
2025-2027 ලෝක ටෙස්ට් තරගාවලියේ තරග දෙකක් සඳහා සහභාගී වීමට ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඊයේ(04) සවස කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ.
මෙහි පළමු තරගය එළැඹෙන 15 සිට 19 දින දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.
මෙහි දෙවන තරගය එළැඹෙන 23 සිට 27 දින දක්වා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී ( S.S.C.) පැවැත්වීමට නියමිතය .

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 05වන ස්ථානයේ ඉන්දියාව පසුවන අතර ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශ්‍රේණි ගත කිරීම්වල 06වන ස්ථානයේ පසු වන බැවින්, දෙරටටම මෙම ටෙස්ට් තරග දෙක අතිශයින්ම වැදගත් වේ.
මෙම ටෙස්ට් තරග දෙකට සූදානම් වීම සඳහා 07 සිට 10 දින දක්වා කොළඹ එන්.සී.සී.ක්‍රීඩාංගනයේ දී පෙරහුරු තරගයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැළසුම් කර තිබේ.




