
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාග සඳහා සැප්තැම්බර් මස 28 වැනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
ඉන්පසුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු වරයා නඩුව විභාගය සඳහා සැප්තැම්බර් මස 28 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.




