
ගාලු මුවදොර පිටිය ආසන්නයේ ඇති වෙරළ තීරයේ තිබී පුද්ගල මළසිරුරක් සොයා ගෙන තිබේ.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර මළ සිරුර හඳුනාගත නොහැකි තත්ත්වයේ ඇති බව පොලීසිය පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ අදාළ පුද්ගලයා රෝස පැහැති අත් දිග කමිසයක් හා කොට කලිසමක් හැඳ සිට ඇති බවය.
මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කොටුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.




