
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට තම මව්බිම තුළ ද ඔස්ට්‍රේලියාවේ පවතින ආකාරයේ නිදහස්, සාමකාමී සහ නීතිය අකුරටම ක්‍රියාත්මක වන පරිසරයක් නිර්මාණය කර දෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවැති “ව්‍යවසායකයන්ගේ රාත්‍රිය 2026” (Entrepreneurs’ Night 2026) විශේෂ හමුව අමතමිනි.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් සහ වෘත්තිකයන් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ, බොහෝ පිරිසක් මෙරටින් බැහැරව ඔස්ට්‍රේලියාව වැනි රටවල් කරා සංක්‍රමණය වූයේ නිදහස් අධ්‍යාපනයක්, ස්වාධීන ජීවන රටාවක් සහ නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන පරිසරයක් අපේක්ෂාවෙන් බවයි.
එම අපේක්ෂාවන් ඉදිරි කෙටි කාලය තුළ ශ්‍රී ලංකාව තුළ ද සැබෑ කරන බවට ඔහු මෙහිදී සහතික විය.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ පවතින ප්‍රධාන ගැටලු වන මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමට රජය දැනටමත් පියවර ගනිමින් සිටින බව හඳුන්නෙත්ති මහතා පෙන්වා දුන්නේය. ආයෝජකයන්ට සහ ව්‍යවසායකයන්ට බියෙන් තොරව කටයුතු කළ හැකි ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යයක් බවත්, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම හරහා රටේ අනාගත පරපුරට සුන්දර මව්බිමක් උරුම කර දෙන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.




