
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (31) උදෑසන ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබුණා.
ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයින් පස්දෙනෙකු සිය දේශපාලන කටයුතු සඳහා යොදවා රජයට පාඩු සිදු කළ බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ඔහුගෙන් ප්‍රශ්න කෙරුණු බවයි සඳහන් වන්නේ.




