
සමගි ජන බලවේගය අද (13) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සහ මාධ්‍යවේදියකු අතර උණුසුම් සංවාදයක් ඇතිවී තිබෙනවා.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඊයේ (12) දිනයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් මල්වතු මහා නායක හිමියන් බැහැදැකීමට ගිය අවස්ථාවේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් විසින් එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයාගෙන් විමසා සිටීමත් සමඟ මෙම උණුසුම් සංවාදය හටගෙන තිබුණා.
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, “දැන් මම ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව ගැන මෙතැන හෙළි කරද්දී, වෙන කොහෙවත් යන ඒවා ඇහුවට මම උත්තර දෙන්නේ නැහැ.” යනුවෙන් සඳහන් කර සිටියා.




