
වත්මන් ආණ්ඩුවට එරෙහිව අරගලයක් ආරම්භ කරන ලෙස ඉල්ලමින් ජනතාව තම නිවසට පැමිණ තමන්ට බලපෑම් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ආණ්ඩුවට එරෙහි විරෝධතාවක් ආරම්භ කරන ලෙස ඉල්ලා ජනතාව තමන්ව නිවසින් පිටතට කැඳවාගෙන යන තත්ත්වයක් පවතින බවයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
වත්මන් රජයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනතාව තුළ දැඩි විරෝධයක් ගොඩනැගෙමින් පවතින බවද විතාන ප්‍රකාශ කළේය. ආණ්ඩුවට තවදුරටත් පාලනය පවත්වාගෙන යාමට අපහසු තත්ත්වයක් උද්ගත වෙමින් පවතින බව ඔහුගේ අදහසයි.
ආණ්ඩුවේ වත්මන් ගමන් මග සම්බන්ධයෙන් විවේචනයක් ඉදිරිපත් කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.




