
ප්‍රතිශතය කෙසේ වුව ද අධ්‍යාපනය සඳහා වැය කිරීමට අවශ්‍ය තරම් මුදල් දැන් ඇතැයි අධ්‍යාපන අමාත්‍ය, අගමැතිනි හරිනි අමරසූරිය පවසයි.
දැන් ඇති අභියෝගය එම මුදල වැය කරන ආකාරය හඳුනා ගැනීම බව ඇය පෙන්වා දෙයි.
අධ්‍යාපන අමාත්‍යංශය සිය යෝජනා රැගෙන මුදල් අමාත්‍ය ජනාධිපති අනුර දිසානායක අද(29) හමු වන බව ද අගමැතිනිය ප්‍රකාශ කරයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
පෙර අවස්ථාවල මෙන් නොව මෙවර අයවැය සකස් කරන්නේ අමාත්‍යංශ යෝජනා අනුව බව ද හරිනි අමරසූරිය සඳහන් කරයි.
ඈ මේ බව ප්‍රකාශ කළේ ස්වර්ණවාහිනී රතු ඉර වැඩසටහනේ දී මෙවර අයවැයෙන් අධ්‍යාපනය සඳහා කෙතරම් ප්‍රතිශතයක් වෙන්කරන්නේ දැයි මාධ්‍ය නැගූ පැනයට පිළිතුරු ලෙසිනි.




