
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපද අහෝසි කිරීමට මේ දිනවල නීති සම්පාදනය කරගෙන යන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මෙම නීති අතීතයටද බලපාන පරිදි ක්‍රියාත්මක කරන බව ඔහු ප්‍රකාශ කළේය. දේශපාලනඥයන් ජීවත් කරවීම ජනතාවගේ වගකීමක් නොවන බව අමාත්‍යවරයා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ බලපිටිය ප්‍රධාන තැපැල් කාර්යාලයට ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවයේදීය.




