
පක්ෂ අරමුදලට බැර කරන ලද තම මන්ත්රී වැටුප නැවත තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පිරිසක් එම පක්ෂයට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන ඇත.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
පාර්ලිමේන්තු මන්ත්රී වැටුප පක්ෂ අරමුදලට බැර කර ගැනීම තුළින් හිටපු මන්ත්රීවරුන්ට බලවත් අසාධාරණයක් සිදුව තිබෙන බව එම මන්ත්රීවරුන්ගේ මතය වී තිබේ.
මේ වෙන විට තමන් ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරු ජීවත් වන්නේ විශ්රාම වැටුපෙන් බවත් වත්මන් ආණ්ඩුව විශ්රාම වැටුප අහෝසි කළහොත් තමන්ට ජීවත් වීමට වෙනත් කිසිදු ආදායම් මාර්ගයක් නොමැති බවත් ඔවුහු පෙන්වා දෙති.
මෙම නඩුකරයේ ප්රමුඛ විත්තිකරුවෙක් ලෙස පක්ෂයේ ප්රධාන ලේකම්වරයා නම් කිරීමට නියමිතය.




