
නව ජනතා පෙරමුණ බොරැල්ල ආසන සංවිධායක කුෂාන් මදනායක මහතා හා මධ්‍යම කාරක සභික භාණ්ඩාගාරික මොහොමඩ් රෂ්දාන් රහුමාන් මහතා හා නැගෙනහිර කොළඹ ආසනයේ රුක්මන් ද සිල්වා මහතා අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ අධ්යක්ෂතුමන්ට ලිපියක් බාර දෙමින් මාලිමා ආණ්ඩුවේ වත්මන් අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ හා සමන්ත විද්‍යාරත්න මහතාගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ වල ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ නමින් වත්කම් සගවා තබා ගෙන සිටින බවට කරුණු හෙලිකරන ලදී.

එහිදි අදහස් දැක්වු බොරැල්ල ආසන සංවිධායක කුෂාන් මදනායක මහතා ප්‍රකාශ කර සිටියේ කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා හා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා 2023 අංක 09 දරණ දූෂණ විරෝධි පනත යටතේ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සම්පූර්ණ කර බාර දෙන ලද 2025 වත්කම් බැරකම් ප්‍රකාශ වල සටහන් කර ඇති පරිදි ඔහුගේ බිරින්දෑවරු නමින් විශාල මුල්‍ය වත්කම් ප්‍රමාණයක් සටහන් කර ඇති බවය.
නාමල් කරුණාරත්න මහතාගේ බිරිඳ වන ආර්.ඩී ස්වර්ණලතා මාලනී මහත්මිය වෘත්තියෙන් ගුරු සේවයේ නියුතු මකුල්පොත මහා විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු සිදු කරන මාසික ආදායම රු 66,000 ක් පමණ ලබන අයෙකි. පසුගිය කාලවලදී නමල් කරුණාරත්න මහතා පූර්ණ කාලීනව අපි දුටුවා කුඹුරේ අමුඩ ගසා ගෙන බජරි කමින් ඉන්නවා. ඒ නිසා අපිට සාධාරණ සැකයක් තියෙනවා එතුමා ජීවත් වන්න ඇත්තේ එතුමාගේ බිරිද විසින් උපයන ලද ගුරු වැටුපෙන් කියලා. එලෙස ගුරු වැටුපෙන් ජීවත් වු පවුලක් කොහොම ද මෙච්චර මුදලක් ඉතුරු කලේ කියලා අපිට ගැටළුවක් පවතිනවා. සාමාන්‍යයෙන් ආරම්භක ගුරු වැටුප රු 66,000 ක් පමණ වෙනවා. ජ්‍යෙෂ්ඨත්වය අනුව වැටුප වැඩි වෙනවා. ඒ නිසා එතුමියට රු 100,000 ක පමණ මුදලක් ලැබේ යැයි අපි උපකල්පනය කලත් මෙවැනි මිලියන 06 කට ආසන්න මුදලක් ඉතුරු කිරීමට කිසිසේත්ම බැරි බව අපට පැහැදිලි වේ. මේ පිළිබඳව රටේ සමස්ත ගුරුවරු බලා සිටිනවා කොහොමද මෙතරම් විශාල මුදලක් ගුරු වැටුපෙන් එතුමිය ඉතුරු කලේ කියලා.
ඒනිසා අපට පැහැදිලි වන්නේ මෙම මුදල් එතුමියගේ නොවන බවත් ඒ සියල්ල නාමල් කරුණාරත්න මහත්මයාගේ බවත්ය. එම නිසා එතුමිය අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කැදවලා මේ මුල්‍ය වත්කම සම්බන්ධව වහාම පරීක්ෂණයක් කරන්න කියලා අපි ප්‍රකාශ කර සිටිනවා.
එලෙසම වෘත්තියෙන් ගුරු සේවයේ නියුතු සමන්ත විද්‍යාරත්න මහතාගේ බිරිද වන බදුල්ල විහාරමහාදේවි උසස් බාලිකා විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු සිදු කරන තිලකා මහත්මිය නමින් ද බැංකු ගිණුම් 15 යටතේ වත්කම් බැරකම් ප්‍රකාශයේ ගිණුම් ශේෂ සටහන් කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බැංකු ප්‍රමාණය වනුයේ ද 24 කි. සමන්ත විද්‍යාරත්න මහතාගේ බිරිඳගේ නමින් මෙලෙස බැංකු ගිණුම් 15 ක් විවෘත කිරීම කුමන අරමුණක් යටතේ සිදු කර ඇත්දැයි අපට පැහැදිලි සැකයක් පවති. රාජ්‍ය සේවයේ නියුතු නිළධාරියකුට මෙතරම් ගිණුම් පවත්වා ගෙන යා හැකිද? මෙම ගිණුම් වල අවසාන ශේෂය නොව වැදගත් වනුයේ මෙම ගිණූම් ආරම්භයේ සිට කොතරම් මුදලක් සංසර්නය වුවා ද යන්නය. මේ පිළිබඳව පැහැදිලි තොරතුරු රටට හෙළිකල යුතුවේ.
ඒ වගේම දවසේ විහිලුව තමා එතුමිය රු 240,000 ක බැංකු ණයක් ලබා ගන්නවා. නමුත් එම මුදල වැනි අට ගුණයක් එතුමියගේ බැංකු ගිණුම් වල තියෙනවා. මෙය කොලය වහලා ගහන ලද ක්‍රියාවක්.
2003 අංක 09 දරණ දූෂණ විරෝධි පනත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සම්මත කරලා නීතියක් බවට පත් නොකරන්න මේ රටේ ජනතාව සිතා ගෙන ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ සුචරිත දේශපාලන පක්ෂයක් කියලයි.
ඒ වගේම කතානායක ජගත් වික්‍රමරත්න මහතා නම් තම වත්කම් බැරකම් ප්‍රකාශය තුල තමන්ගේ මුදල් තමන් නමින්ම සටහන් කර තිබිම ඉතා වැදගත් වේ. නමුත් අපි දන්නේ නෑ එතුමගේත් මුදල් වෙන වෙන අයගේ නමින් තැන්පත් කරලා තියෙනවද කියලා. නමුත් නාමල් කරුණාරත්න මහතා හා සමන්ත විද්‍යාරත්න මහතා ලැජ්ජ විය යුතුයි තම වත්කම් බිරින්දෑවරුන්ගේ නමින් තැන්පත් කර රටේ ජනතාව මුලා කිරීම සම්බන්ධව.
මෙලෙස වත්කම් බැරකම් ප්‍රකාශ වල අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ හා අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ බිරින්දෑවරු නමින් තැන්පත් කර ඇති මුල්‍ය වත්කම් උපයා ගැනීම කුමන ආකාරයෙන් සිදු කර ඇත්ද යන්න ඔවුන්ගේ බිරින්දෑවරු අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කැඳවා පැහැදිලි පුළුල් විමර්ශනයක් සිදු කර රටට සත්‍ය තොරතුරු හෙළි කරන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.




