
රට බංකොළොත් භාවයට පත් කිරීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය කිසිවකුත් නිසි අයුරින් කියවා නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.
ඒ අනුව, එම නඩු තීන්දුව ගැන සමාජයේ නිර්මාණය කළ මතය පමණක් බොහෝ පිරිසක් දන්නා බවයි දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

එම නඩු තීන්දුවේ ලෙසට රට බංකොළොත් භාවයට හේතු වන්නේ මින් පෙර රජයයන් විසින් දිගින් දිගටම සිදුකළ කරුණු බවත්, බදු මුදල් අඩු කිරීම හා නිසි වේලාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයෑම බංකොලොත් භාවයට ‘දායකත්වයක්’ ලබාදී ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.
මූලික අයිතිවාසිකම් කඩවීම යනු එකක් බවත්, ආර්ථිකය කඩා වැට්ටවීම යනු වෙනත් එකක් බවයි ලේකම්වරයා පවසා සිටියේ.
නඩු තීන්දුවේ කොතැනකවත් රට බංකොළොත් භාවයට පත්වීමට වගකිව යුතු බවට සඳහනක් නොමැති අතර, ඒ සඳහා යම් ‘දායකත්වයක්’ ලබාදීම පමණක් අඩංගු වී ඇති බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් වැඩිදුරටත් ප්‍රකාශ කළා.




