
සාධාරණ පරීක්ෂණයක් පවත්වා තාජුදින්ගේ ආත්මයට සාධාරණය ඉටු කරන්නැයි ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා රජයගෙන් ඉල්ලා සිටී.
ඔහු පැවසුවේ ආණ්ඩුව පොලිසිය භාවිතා කර බොරු සාක්ෂි සකස් කරන බවත්, පොලිසියගේ කාර්යය ආණ්ඩුවට සේවය කර ප්රමෝෂන් ගන්න එක නොව, තම ගෞරවය ආරක්ෂා කරගැනීම බවත්ය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
තාජුදින් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ යුතු කරුණු පෙරමුණට ගෙන ආ ලෙස ද ඔහු චෝදනා කළ අතර, දැන්වත් සාධාරණ පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලීය.




