
ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන සියලු දේ එකවර කරන්න බැරි නමුත් මේ මොහොතේ සමාජ අවශ්‍යතා අනුව ප්‍රමුඛතා තෝරා ගෙන ක්‍රියාත්මක වෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
පාර්ලිමේන්තුවේ දී විමසූ පැනයකට පිලිතුරු ලෙස ඇය මේ බව පැවසීය.

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය සම්පාදනය කරන විට ඊට කරුණු ගණනාවක් අඩංගු වුණා. එහි පොදු අදහස වුණේ දිළිඳුකම පිටු දැකීම, ඩිජිටල්කරණය හඳුන්වාදීම, නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම, නීතිය ඉදිරියේ සියලු දෙනා සමානයන් වීම, මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම, ජාතික සමගිය ඇති කිරීම මෙන්ම ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම ආදී කරුණු ගණනාවක් මත පදනම්ව අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය සැකසුනා. ආණ්ඩුවක් බාරගන්තමොහොතේ ඇති වූ තත්ත්වයන් අනුව ප්‍රමුඛතා තීරණය කරනවා.
ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන සියලු දේ එකවර කරන්න බෑ. ඒ මොහොතේ සමාජ තත්ත්වය හඳුනාගෙන ප්‍රමුඛතා තෝරා ගත යුතුයි. අප බාර ගත්තේ නවත්තලා තිබ්බ රටක්. ආර්ථික ක්‍රියාකාරකම් අත්හිටුවා තිබූ රටක්. ඒ වගේම සංවර්ධන ව්‍යාපෘති සියල්ල නතර වී තිබූ රටක්. මේ රටේ දිළිඳුකම ඇති වුණේ පහුගිය අවුරුද්දෙ නෙමෙයි. කාලයක් තිස්සේ ඇති වූ දෙයක්.
රටේ ස්ථාවරත්වය තහවුරු කිරීම අපේ මූලික කාර්ය භාරයක් වුණා. මැතිවරණ තුනක් ඉතා සාමකාමී අයුරින් පවත්වන්න අපට හැකියාව ලැබුණා. එක පැයක්වත් ඇඳිරි නීතිය දන්න අවශ්‍ය වුණේ නෑ. අප පළාත් සභා මැතිවරණයත් තියෙනවා. මැතිවරණ වලින් පැනලා යන්න අපට කිසිම වුවමනාවක් නෑ”




