
නුගේගොඩ පැවති ජන රැලිය හරහා මහජනතාව විසින් සාර්ථක පණිවුඩයක් රජයට ලබා දී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පැවසීය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ජනරැලිය සඳහා සහභාගී වූවන්ට ස්තූතිය පළ කිරීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී ඔහු සඳහන් කළේ වත්මන් ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ සියලු කණ්ඩායම් එක්විය යුතු බවයි.
එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී ඇති කර ගත් එකඟතාවකට අනුව රටපුරා රැස්වීම් 1000ක් පැවැත්වීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සැලසුම් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.




