
කිතුල්මල් කැපීම යුනෙස්කෝව සංස්කෘතික උරුමයක් ලෙස නම් කර තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
යුනෙස්කෝ සංවිධානයේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා වූ අන්තර් රාජ්‍ය කමිටුවේ විසිවන සැසිවාරයේදී මෙලෙස කිතුල් මල් කැපීම සංස්කෘතික උරුමයක් ලෙස නම් කර තිබේ. කිතුල් මල් කැපීම ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 13 ක දක්නට ලැබෙන බව යුනෙස්කෝ නිවේදනයේ සඳහන් වේ.
ජීවමාන උරුමයක් ලෙස කිතුල් කැපීම සංස්කෘතික අනන්‍යතාව සහ වටිනාකම් හැඩගස්වන අතර, සොබාදහම සමග එකමුතුකම සහ ගැඹුරු අධ්‍යාත්මික සම්බන්ධතාවක් පිළිබිඹු කරන බව ද යුනෙස්කෝව නිවේදනය කරයි.




