
උදාවෙන නත්තල් උත්සවය නිමිත්තෙන් සෑම කිතුණු දෙව්මැඳුරකම දැඩි පොලිස් රැකවරණය යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා පැවසීය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මෙම ආරක්ෂණ වැඩපිළිවෙළට ආරක්ෂක හමුදාවේ ද සහය ලබා ගන්නා බව පොලිසිය කියයි. මේ අතර කොළඹ අගරදගුරු මැඳුරට සහ කාදිනල්තුමාටද මෙම පොලිස් රැකවරණය ලබාදීම නොඅඩුව සිදුකෙරෙනු ඇත.
දෙව්මැඳුරුවල ආරක්ෂණ වැඩපිළිවෙළට දෙව්මැඳුරුවල කතෝලික සංගමයේ නිලධාරීන්ගේ ද සහය ලබාගන්නා බව පොලිසිය කියයි.




