
ඖෂධ හා ජෛව ඉංජිනේරු උපකරණ හිඟයෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක දැඩි සත්කාර සේවා සැපයීම දුෂ්කර වී ඇත.

පසුගියදා භාවිතයෙන් ඉවත් කළ, බැක්ටීරියා විෂ සහිත ‘ඔන්ඩෙස්ටරොන්’ එන්නත තවදුරටත් භාවිතය තහනම් කර තිබීමත්, ජෛව විද්‍යා ඉංජිනේරු ඒකකය මගින් දැඩි සත්කාර ඒකක සඳහා ලබාදෙන උපකරණ හා උපාංග ලබාදීමේ ප්‍රමාදයන් මත මෙම තත්ත්වය උද්ගතව ඇතැයි, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
වමනේ සහ ඔක්කාරයට ලබාදෙන ඉහත එන්නතට අමතරව, ‘මැක්සලොන්’ නම් ආදේශක ඖෂධ පවා මේ වනවිට සෞඛ්‍ය පද්ධතිය තුළ හා පෞද්ගලික අංශයේදී නොමැතිවීම බරපතළ අර්බුදයක් වී ඇතැයි එම සංගමය පෙන්වා දෙයි.
මීට අමතරව, කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකක, ස්නායු දැඩි සත්කාර ඒකක ඇතුළු අනෙකුත් රෝහල්වල දැඩි සත්කාර ඒකක සඳහා ද රෝගීන් අධීක්ෂණය කිරීමේ යන්ත්‍ර සඳහා අවශ්‍ය කරන උපාංග හිඟය හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර කිරීමේදී දුෂ්කරතා මතුව ඇතැයි එම සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය, චමල් සංජීව මහතා පවසයි.




