
ශ්‍රී ලංකාවේ විදේශ ණය විනිමය නිකුත් කරන්නන්ගේ දිගුකාලීන පියවීම් ශ්‍රේණිගත කිරීම (Long-Term Foreign-Currency Issuer Default Rating – IDR) ‘CCC+’ මට්ටමේ සිට ‘B-‘ දක්වා ඉහළ දැමීමට ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) පියවර ගෙන තිබෙනවා.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
එහි ඉදිරි දැක්ම ‘ස්ථාවර’ මට්ටමේ පවත්වාගෙන යාමට ද එම ආයතනය තීරණය කර ඇති බව සඳහන්.
රට තුළ ක්‍රියාත්මක වන මැක්රෝ ආර්ථික ස්ථාවරත්ව ප්‍රතිපත්ති, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ බාහිර මූල්‍ය අවදානම් ලිහිල් වීම මෙම ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීමට ප්‍රධාන වශයෙන් හේතු වූ බව ෆිච් රේටින්ග්ස් ආයතනය පෙන්වා දෙනවා.




