
ජනප්‍රිය Netflix තරුවක් වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ අනන්‍යතාව සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි සංවාදයක් ඇතිවී තිබෙනවා.

ඒ, ඇය තමන් ශ්‍රී ලාංකිකයෙකු ලෙස නොව කැනේඩියානු ජාතිකයෙකු සහ දෙමළ සංස්කෘතික පසුබිමක් සහිත අයෙකු ලෙස හඳුන්වාදීමත්, තම අනන්‍යතාව ‘ඊළාම් දෙමළ’ ලෙස ප්‍රකාශ කිරීමත් සම්බන්ධයෙන්.
ඇයගේ Instagram සටහන් සහ Netflix හි ‘Best of the Best’ චිත්‍රපටය සම්බන්ධයෙන් පළ කර ඇති සටහන් යටතේ මේ පිළිබඳ අදහස් පළ වී ඇති බවයි සඳහන් වන්නේ.
ශ්‍රී ලංකාවෙන් පැමිණි දෙමාපියන් සිටියදී තම මව්බිමේ අනන්‍යතාව ප්‍රතික්ෂේප කිරීම සහ එය ලෝකය හමුවේ වැරදි ලෙස නිරූපණය කිරීම පිළිගත නොහැකි බවට ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන එල්ල කර තිබෙනවා.
කෙසේ වෙතත්, තවත් පිරිසක් පෙන්වා දෙන්නේ පුද්ගලයෙකුගේ සංස්කෘතික පසුබිම සහ අනන්‍යතාව තමා විසින්ම තීරණය කිරීමට ඔහුට හෝ ඇයට අයිතියක් ඇති බවයි.
සැප්තැම්බර් 18 වැනිදා ඇයගේ නවතම චිත්‍රපටය නිකුත් වීමත් සමඟ මෙම අනන්‍යතා සම්බන්ධ සංවාදය සමාජ මාධ්‍ය තුළ තවදුරටත් උණුසුම් වී ඇති බවයි වාර්තා වන්නේ.




