
මහානායක ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීමට ගරු කරමින්, 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් පනත සංශෝධනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
භික්ෂූන් වහන්සේලාගේ විනය ගැටලු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ බලය සහිත ‘ධර්මාධිකරණයක්’ නැවත පිහිටුවීම සඳහා මෙම පියවර ගන්නා බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
රාජ්ය වෙසක් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේ දී අද (27) පස්වරුවේ ආරම්භ විය.
එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.




